වෙස්වලාගත් යේසුස්වහන්සේ
මගේ පුතා ජෙෆ් මෑතකදී යාචකයෙකු මෙන් පාරේ සිටියේය. ඔහු තම නගරයේ රාත්‍රී තුනක් එසේ ගත කළේය. හිම මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්ව වල ඔහු පාරේ නිදා ගත්තේය. ආහාර, මුදල් හෝ වහලක් නැතිව ඔහු අනුන්ගේ කරුණාවන්තකමින් යැපුණි. එක් දිනක් ඔහුට ලැබුණේ එක සැන්විචයක් පමණි. එයත් ඔහු ආපන ශාලාවකින් පරණ පාන් ඉන්ලනවා ඇසුණු මිනිසෙකු එය රැගෙන දුන් හෙයිනි.
ජෙෆ් මට කීවේ එය…
උගුලෙන් පිටතට
වීනස් බාඳුරා මල පළමුවෙන් සොයගනු ලැබුවේ අප නිවසට නුදුරින් උතුරු කැරොලිනාවේ තෙත් වැලි පළාතකය. මේ පැළ දස බලා සිටීම මනහරය. ඒවා මාංශ භක්‍ෂිකය.
වීනස් බාඳුරා මල් මිහිරි සුවඳක් දෙන ද්‍රාවයක් නිකුත් කරයි. ඒවා විවෘත මල් මෙන් සෑදුණු අලංකාර උගුල්ය. කෘමියෙකු ඒ තුලට රිංගූ විට මල වටා තිබෙන සංවේදී ඉන්ද්‍රියන්ට එය දැනේ. තත්පරයකටත් අඩු කාලයකින් උගුල වැසේ. ටික වේලාවකින් ශ්‍රාවයක් නිකුත්…
දෙවියන්වහන්සේට අවංකව සිටිමු
වයස අවුරුදු තුනක් වූ මගේ මුණුපුරාගේ එම දවස ආරම්භ වූයේ ඉතා නරක ලෙසය. ඔහු කැමතිම කමිසය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. ඔහු දැමීමට උත්සාහ කළ සපත්තු උණුසුම් වැඩි විය. ඔහු තම ආච්චීට ගෙරවීය. මොර ගැසීය. ඉන්පසු වාඩිවී ඇඬීමට පටන් ගත්තේය.
“ඇයි ඔයා කලබලයෙන්” මම ඇසීමි. අපි ටික වේලාවක් කථා කළෙමු. ඉන්පසු ඔහු නිසල විය. “ඔබ ආච්චීට හොඳට සැළකුවාද?” මම සෙමින්…
වස්තුව සොයා ගැනීම
ජෝන් සහ මේරි තම බල්ලා සමග වත්තේ ඇවිදින විට වැස්සට මතුවී තිබූ මලකඩ ටින් එකක් පයේ පැටලුණි. ඔව්හු එය නිවසට ගෙන ගොස් ඇර බැලූහ. වසර 100 කට වඩා පැරණි රන් කාසි එහි අඩංගුව තිබුණි. යුවළ නැවත එතැනට ගොස් බැලූ විට එවැනි කාසි 1427 ක් අඩංගු ටින් හතක් සොයා ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් තම වස්තුව ආරක්‍ෂාව පිණිස වෙනත් තැනක සඟවා තැබූහ.…
දීර්ඝකාලීන යාච්ඤාව
මාගේ භාර්යාවට කොළ කැබැල්ලක් දෙමින් කෙවින් ඔහුගේ ඇසින් කඳුළක් පිස දැමීය. මාගේ දියණිය යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට නැවත ගෙන එන පිණිස මාත් මාගේ භාර්යාවත් යාච්ඤා කරන බව ඔහු දැන සිටියේය. “මේ කොළ කැබැල්ල මාගේ මවගේ බයිබලයේ තිබී හමුවුනේ ඇයගේ මරණින් පස්සේ. මම මේක ඔබට දෙන්නේ ඔබව දිරිමත් කරන්නයි” ඔහු කීවේය. සටහන උඩින්ම ලියා තිබුණේ “මගේ පුතා කෙවින්ට” කියාය. පහතින් ඔහුගේ ගැළවීම…
ඉල්ලා ගත් ආශිර්වාද
අප දිවා ආහාරයට හිස නමාගෙන යාච්ඤා කරන විට මාගේ මිත‍්‍ර ජෙෆ් යාච්ඤා කළේ "පියාණෙනි ඔබවහන්සේගේ වාතය ආශ්වාස කර ඔබවහන්සේ ආහාර ගැනීමට අපට ඉඩදී ඇති නිසා ඔබට තුති කරමි" කියාය. ජෙෆ් මෑතකදී රැකියා නැතිවීමක් නිසා අසීරුතාවයකට පත්ව සිටින අයෙකි. එසේ තිබියදීත් ඔහු දෙවියන්වහන්සේ විශ්වාස කර උන්වහන්සේට සියල්ල අයත් බව පැවසීම මාගේ සිතට වැදුණි. මා කල්පනා කළේ "ඇත්තෙන්ම මූලික දේවල් එනම් :…
සංසන්දනයක් නැත
"ළඟදීම මම මේ සියල්ලම මුහුණු පොතේ දානවා. හොඳ ඒවා විතරක් නොවේ".
මාගේ මිතුරිය වන සූ දිවා ආහාරය වේලාවේ ඇගේ ස්වාමිපුරුෂයාට කී කථාව මගේ මුවට විශාල සිනහවක් ගෙනාවේය. එසේම එය මට සිතන්නටද සැළැස්වීය. සමාජ මාධ්‍යය හොඳ දෙයක් විය හැකිය. වසර ගණනාවක් සැතපුම් ගණනාවක් ඈත සිටින මිතුරන් සමග සංනිවේදනයට සහ යාච්ඤාවට එය උපකාරී වේ. නමුත් අප ප‍්‍රවේසම් නොවුනොත් එය ජීවිතයට අතාත්වික තත්ත්වයක් ගෙන එන්නේය. එහි පළවෙන…
යාච්ඤා කිරීම සහ වර්ධනය වීම
මාගේ මිත්‍ර ඩේවිඩ්ගේ භාර්යාව අමතකවීමේ රෝගයෙන් පෙළීමට පටන්ගත් විට ඔහුගේ ජීවිතය ඔහුට තිත්ත විය. ඇය ගැන සොයා බැලීමට ඔහුට ඉක්මණින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. රෝගය වර්ධනය වන්න වන්න ඇයට වැඩි සැළකිල්ලක් දැක්වීමට අවශ්‍ය විය.
"මම දෙවියන්වහන්සේ සමග බොහෝ සෙයින් කෝප වුණෙමි" ඔහු මට කීවේය. "උන්වහන්සේ මගේ හදවත මට පෙන්වූ සේක. මාගේ විවාහයේදී මම කෙතරම් ආත්මාර්ථකාමී වූයේදැයි මම තේරුම් ගත්තෙමි". ඔහු…
ගැඹුරු ප්‍රේමය
ඔවුන් මුණගැසුණු පළමු කාලයේ එඩ්වින් ස්ටැන්ටන් එක්සත් ජනපද ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන්ව අපහාසයට ලක් කළේය. ඒ පුද්ගලිකව සහ වෘත්තිමය වශයෙන්ය. ඔහුව "අත් දිග ජීවියා" ලෙසද හැඳින්වූයේය. නමුත් ලින්කන් ස්ටැන්ටන්ගේ හැකියාවන් අගය කර ඔහුට සමාව දීමට තීරණය කළේය. සිවිල් යුද්ධය කාලයේදී ස්ටැන්ටන්ට කැබිනට් තානාන්තරයක්ද පිරි නැමීය. පසුව ස්ටැන්ටන් ලින්කන්ට බලවත් ප්‍රේමයක් දැක්වීය. ලින්කන් වෙඩි කෑ දිනයේ ශල්‍යකර්මයේ මුළු රාත්‍රියේම ස්ටැන්ටන් ඔහු…
බලාපොරොත්තුවේ සත්‍ය අත්තිවාරම
ඇදහිල්ල පිළිබඳ පාඩම් නොසිතන ස්ථානවලින් පැමිණිය හැකිය. මා රාත්තල් 110 ක් බරැති කලු ලැබ්‍රඩෝර් බල්ලාගෙන් ඉගෙනගත් එක මෙනි. උගේ නම "බෙයා" ය. බෙයා වතුර බොන ඇලුමීනියම් භාජනය කුස්සියේ පැත්තක තබා තිබේ. එය හිස්වුන විට ඌ බුරන්නේ හෝ එය පහුරු ගාන්නේ හෝ නැත. ඒ වෙනුවට ඌ එතැන වාඩිවී නිශ්චලව සිටින්නේය. සමහර විට විනාඩි කිහිපයක් සිටීමට ඌට සිදුවේ. උගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට…